තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර, සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්‍රි කලගම්’ (TVK) පක්ෂය මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව සුවිශේෂී පෙරමුණක් ගෙන තිබේ.
ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී විජේගේ පක්ෂය කොට්ඨාස 107ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ පාලන බලය ලබා ගැනීම සඳහා ඕනෑම පක්ෂයකට හෝ සන්ධානයකට අවම වශයෙන් ආසන 118ක බහුතරයක් අවශ්‍ය වේ. පසුගිය මැතිවරණයේදී ආසන 159ක් දිනාගත් DMK සන්ධානය මෙවර දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බව මෙම ප්‍රතිඵල අනුව පෙනී යයි.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජයග්‍රහණය ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරයටද බලපාන අතර ඊට හේතුව වි ඇත්තේ තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකය හිමි ප්‍රාන්තය වීමයි.
මෙම තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධව තීරණාත්මක සාධයක් ද වී තිබේ.

තැබූ පියවර ආපසු හරවන්නේ නෑ! ජනපති දැඩිව අවධාරණය කරයි!
දුරගමන් සේවා බස් රථවල ආසන වෙන් කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි
වැට් බදු සංශෝධනය ගැන විපක්ෂනායකගෙන් x සටහනක්
වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවයි
ඇමති ලාල් කාන්තගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් CIDයට
රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්
අද පස්වරුවේ තද වැසි
“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා මාලදිවයින්-ජනපතිවරුන් අද හමුවෙති
පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය