Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්

19 minutes ago

ඇපල් සමාගමේ නවතම “Apple Intelligence” විශේෂාංග සහ Siri හඬ සහායකයාගේ හැකියාවන් පිළිබඳව පාරිභෝගිකයන් නොමඟ යැවූ බවට එල්ල වූ චෝදනා සහිත සමූහ නඩුවක් (Class Action Lawsuit) අවසන් කිරීම සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් ගෙවීමට එම සමාගම එකඟ වී තිබේ.

පසුගිය වසරේදී ගොනු කරන ලද මෙම නඩුව මගින් චෝදනා එල්ල වූයේ, iPhone 15 Pro සහ iPhone 16 ශ්‍රේණියේ දුරකථන වෙළඳපොළට හඳුන්වා දීමේදී ඇපල් සමාගම විසින් ප්‍රවර්ධනය කරන ලද බොහෝ AI හැකියාවන් එම අවස්ථාවේදී සැබෑ ලෙසම දුරකථන තුළ නොතිබූ බවයි. පාරිභෝගික නීතිඥයින් පෙන්වා දෙන්නේ මෙය “Vapourware” හෙවත් පවතින බව පවසා පසුව ලබා නොදෙන තාක්ෂණික නිෂ්පාදන ගණයට අයත් වන බවයි.

මෙම සමථයට අනුව, 2024 ජූනි 10 සහ 2025 මාර්තු 29 අතර කාලය තුළ ඇමෙරිකාවේදී පහත iPhone මාදිලි මිලදී ගත් පුද්ගලයන්ට වන්දි මුදල් හිමි වේ:

  • iPhone 16 ශ්‍රේණියේ සියලුම මාදිලි (iPhone 16, Plus, Pro, Pro Max, 16E)
  • iPhone 15 Pro සහ iPhone 15 Pro Max

එක් උපාංගයක් සඳහා අවම වශයෙන් ඩොලර් 25ක් බැගින් හිමිවන අතර, ඉල්ලුම් කරන පාරිභෝගික සංඛ්‍යාව අනුව එය ඩොලර් 95ක් දක්වා ඉහළ යා හැක.

තමන් කිසිදු වරදක් කර නැති බව පවසන ඇපල් සමාගම, පරිශීලකයින්ට නව්‍ය සේවාවන් ලබා දීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම සඳහා මෙම නඩුව සමථයකට පත් කරගත් බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, OpenAI සහ Google වැනි සමාගම් සමඟ පවතින AI තරඟයේදී ඇපල් සමාගම පසුබෑමකට ලක්ව ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළ කරති.

මෙම නීතිමය ගැටලුව මතු වන්නේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) සිය ධුරයෙන් ඉවත් වීමට සූදානම් වන පසුබිමකය. ඔහු 2026 සැප්තැම්බර් 01 වනදා සිට විධායක සභාපති ධුරයට පත්වීමට නියමිත අතර, නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ටර්නස් (John Ternus) කටයුතු කරනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *