දුරකථන අංකය වෙනත් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව WhatsApp විසින් හඳුන්වාදීමට නියමිතව ඇත.
ලොව පුරා සිටින බිලියන 3ක පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළ ලබා දීමට නියමිතයි.
මෙය අනිවාර්යය නොවන අතර කැමති අයට පමණක් තමන්ට අවශ්‍ය පරිශීලක නාමයක් (Username) වෙන් කරවා ගත හැකියි.
මේ අතර, තමන් තෝරාගත් පරිශීලක නාමය ඕනෑම වේලාවක ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.
පරිශීලක නාමයක් සඳහා භාවිත කළ හැක්කේ උපරිම අකුරු/සංකේත 35ක් පමණි.
ප්‍රසිද්ධ දේශපාලනඥයන් හෝ ප්‍රසිද්ධ චරිතවල නම් වෙනත් අයට ව්‍යාජ ලෙස භාවිත කිරීමට නොහැකි වන සේ සීමා පනවා ඇත.
WhatsApp ගිණුමක් ආරම්භ කිරීමට තවදුරටත් දුරකථන අංකයක් අනිවාර්ය වන නමුත්, Username විශේෂාංගය ක්‍රියාත්මක වූ පසු අන් අයට ඔබේ දුරකථන අංකය දැකගත නොහැකි වනු ඇත.
මෙමඟින්, විශේෂයෙන්ම Group Chatවල සිටින නොදන්නා පුද්ගලයන් සමඟ තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය බෙදා ගැනීමට අකමැති අයට වැඩි පෞද්ගලිකත්ව ආරක්ෂාවක් ලැබෙන බව WhatsAppහි නිෂ්පාදන ප්‍රධානී ඇලිස් නිව්ටන්-රෙක්ස් පවසයි.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්