Instagram හරහා ළමා ලිංගික අපයෝජන ද්රව්ය ප්රවර්ධනය කරන සහ ඒ සඳහා පහසුකම් සපයන සියලුම ගෙවුම් දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අක්රීය කරන ලෙස ඉන්දීය රජය Meta සමාගමට දැඩි ලෙස නියෝග කර තිබේ.
විදෙස් පුවත් නාලිකාව විසින් සිදුකරන ලද විශේෂ ගවේෂණාත්මක අනාවරණයකින් පසුව ඉන්දීය රජය මෙම පියවර ගෙන ඇත.
ඉන්දියාව තුළ ඉන්ස්ටග්රෑම් හරහා ළමා ලිංගික අපයෝජන ද්රව්ය ප්රවර්ධනය කෙරෙන ගෙවුම් දැන්වීම් පළ කර ඇති බවත්, ඉන් සමහරක් මඟින් පරිශීලකයන්ව එම ද්රව්ය අලෙවි කරන ටෙලිග්රෑම් (Telegram) චැනල වෙත යොමු කර ඇති බවත් එම විමර්ශනයේදී හෙළි වී තිබේ.
මෙවැනි දරුණු ගණයේ අන්තර්ගතයන් සහිත දැන්වීම් තම සමාජ මාධ්ය ජාලය තුළ පළ කිරීමට ඉඩ දුන්නේ කෙසේද යන්න පිළිබඳව සතියක් ඇතුළත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ද ඉන්දීය රජය මෙටා සමාගමෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් ප්රකාශයක් කරමින් මෙටා සමාගමේ ප්රකාශකයෙකු පවසා ඇත්තේ, දැන්වීම් ඇතුළුව ළමා ලිංගික අපයෝජන ද්රව්ය ඉල්ලා සිටීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් තම සමාගම Zero-tolerance ප්රතිපත්තියක් අනුගමනය කරන බවය.
“වැරදි සහගත අන්තර්ගතයන් සහ පුද්ගලයන් කල්තියා හඳුනා ගැනීමට අපි දියුණු කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතා කරනවා. නමුත් අපගේ බිලියන 3.5ක් වන පරිශීලකයන් අතර සැඟවී අපගේ පද්ධති මඟහැරීමට උත්සාහ කරන අපරාධකරුවන් සමඟ අපි නිරන්තර සටනක නිරත වෙමින් සිටිනවා.” යැයි එම ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ටෙලිග්රෑම් සමාගම ප්රකාශ කර ඇත්තේ 2026 වසර තුළදී පමණක් ළමා ලිංගික අපයෝජන ද්රව්යවලට අදාළ ගෘප් (Groups) සහ චැනල (Channels) 274,000කට වඩා වැඩි ප්රමාණයක් තම පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගත් බවය.

කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කෙරේ
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්රියාත්මක වෙයි! හිටපු ජනපති මහින්ද නිසා SSP ලා තිදෙනෙකුගේ පොලිස් නිල ඇදුම් ගැලවෙයි!
හෝමාගම Crimes OIC රිමාන්ඩ්
ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළට
වෑන් රථයක් සහ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක්
නාමල්ගේ මුදල් විශුද්ධීකරණ නඩුව කල්යයි
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට
විදෙස්ගත ශ්රමිකයන් ගැන ජනපති ගත් තීරණය
‘අස්වැසුම’ ප්රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි
රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය
අද කාලගුණ නිවේදනය