මෙරට වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය (Social Media) භාවිතය තහනම් කිරීමට හෝ සීමා කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මේ වනවිටත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය භාවිතය හරහා දරුවන්ගේ සාමාජීය, මානසික සහ සෞඛ්‍ය තත්ත්වයන් කෙරෙහි ඇති වන බලපෑම් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. ඊට අමතරව දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව (Digital Security) සහ මේ සම්බන්ධයෙන් ලෝකයේ සිදුවන නව ප්‍රවණතා පිළිබඳව ද රජයේ දැඩි අවධානය යොමුව තිබේ.
වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම තහනම් කිරීම සම්බන්ධයෙන් වන ජාතික මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මීට සමගාමීව, දරුවන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම අරමුණු කරගත් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර, ජංගම දුරකථන භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින වයස අවුරුදු 18ට අඩු දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ද මේ වනවිටත් දියත් කර තිබේ. එම වැඩසටහන හරහා දැනටමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය අදහස් දැක්වීමේදී වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි