Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපොළවලට සිදු වූ හානිය පිළිබඳව තොරතුරු එළියට

3 hours ago

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් දේපොළවලට සිදු වූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය මස 05 වැනිදා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් දේපොළ රැසකට මෙන්ම රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලේඛන රැසකට ද හානි සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

රැඳවියන් 2,400 ක් රඳවා තිබූ මීගමුව බන්ධනාගාරයේ දැනට රඳවා ඇත්තේ රැඳවියන් 600 දෙනෙක් පමණක් වන සංඛ්‍යාවක් වන බව සඳහන්.

මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන්ගේ අධිකරණ කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත්, ඇතැම් රැඳවියන් භෞතිකවම අධිකරණ වෙත ඉදිරිපත් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *