කෑගල්ල ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී සිසුන්ට ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අසාධාරණයට ලක්වූ දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගය යනු කුඩා දරුවන්ගේ අධ්‍යාපන අනාගතයට ඉතා වැදගත් කඩඉමක් බැවින්, මෙවැනි පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් දරුවන්ට සිදුවන දැඩි අසාධාරණය පිළිබඳව අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවයි.
මේ අතර, අද දින ආරම්භ වූ උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ට දැනට ලබාදෙන දීමනා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ගුරුවරුන් ඉටුකරන වගකීම සහ පවතින අධික ජීවන වියදම සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාග රාජකාරිවල නිරත ගුරු භවතුන්ට ප්‍රමාණවත් හා සාධාරණ දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!
මාස 6කට පසු ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!