Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෑගල්ලේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන ගුරු සංගමයෙන් කළ ඉල්ලීම

1 day ago

කෑගල්ල ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී සිසුන්ට ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අසාධාරණයට ලක්වූ දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගය යනු කුඩා දරුවන්ගේ අධ්‍යාපන අනාගතයට ඉතා වැදගත් කඩඉමක් බැවින්, මෙවැනි පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් දරුවන්ට සිදුවන දැඩි අසාධාරණය පිළිබඳව අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවයි.

මේ අතර, අද දින ආරම්භ වූ උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ට දැනට ලබාදෙන දීමනා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ගුරුවරුන් ඉටුකරන වගකීම සහ පවතින අධික ජීවන වියදම සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාග රාජකාරිවල නිරත ගුරු භවතුන්ට ප්‍රමාණවත් හා සාධාරණ දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *