මැලේසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකික ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරීන් තිදෙනෙකු අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.
මෙම සැකකරුවන් පිරිසට එරෙහිව මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට අදාළව චෝදනා එල්ල වී තිබේ. මොවුන් දිවයිනට රැගෙන ඒමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා අදාළ අංශ වෙත භාරදීමට නියමිතය.
සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් තිදෙනා දිවයිනට කැඳවාගෙන එනු ලබයි.
මෙලෙස රැගෙන එන සැකකරුවන් අතර ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ ප්‍රධාන අනුගාමිකයෙකුද සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

සාගරව කඩුවෙල අධිකරණයට රැගෙන යයි
ගායක ගායිකා සංගමයට විපක්ෂ සජිත්ගෙන් රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක්
කෑගල්ලේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන ගුරු සංගමයෙන් කළ ඉල්ලීම
උසස් පෙළ විභාගය ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්
සාගර කාරියවසම් අත්අඩංගුවට
රට පුරා ග්‍රාම නිළධාරීන් අද ලෙඩ වෙයි
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වන දින වකවානු නිවේදනය කරයි
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
තානාපති ධුරයෙන් ඉවත්වීමට හේතු කියන මහින්ද සමරසිංහ
අද අව් වැසි තත්ත්වය
බන්ධනාගාරගත රැඳවියෙකුට බත් එකේ දමා මත්ද්‍රව්‍ය රැගෙන ගිය දෙදෙනෙක් මාට්ටු