Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගායක ගායිකා සංගම‍යට විපක්ෂ සජිත්ගෙන් රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක්

1 hour ago

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී සංවිධානය කරන ලද අරමුදල් රැස්කිරීමේ විශේෂ උත්සවයකට එක්වෙමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංගමයේ සුභසාධන අරමුදල වෙනුවෙන් රුපියල් 500,000ක (ලක්ෂ පහක) මුදලක් පරිත්‍යාග කර තිබේ.

ගායක ගායිකා සංගමයේ නියෝජිතයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මූල්‍යමය දුෂ්කරතාවන්ට සහ විවිධ ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටින දේශීය කලාකරුවන්ට සහාය වීම සඳහා මෙම මුදල පරිත්‍යාග කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, තම පියාණන් වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙන් තමාද කලාකරුවන් උදෙසා කළ හැකි උපරිම සේවය ඉදිරියටත් ඉටුකරන බවයි.

සංගීතය සෑම විටම මිනිසාට මානසික සැනසිල්ල ලබා දෙන අතරම එය මානසික ආතතිය දුරු කරන ප්‍රධාන සාධකයක් ලෙසද ක්‍රියා කරන බැවින්, මෙරට කලා ප්‍රජාව රැකගැනීම සහ ඔවුන්ට සහාය වීම ජාතික වගකීමක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *