Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට පුරා ග්‍රාම නිළධාරීන් අද ලෙඩ වෙයි

2 minutes ago

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.

කොළඹ  ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක් පුරාවට වැඩි නොකර ඇති බව ඔහු අවධාරණය කර සිටියේය.

2024 වසරේදී අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

කෙසේ වෙතත් මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පළ කරමින්  අද (10) සහ හෙට (11) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නන්දන රණසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *