ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
කොළඹ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක් පුරාවට වැඩි නොකර ඇති බව ඔහු අවධාරණය කර සිටියේය.
2024 වසරේදී අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කෙසේ වෙතත් මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (10) සහ හෙට (11) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නන්දන රණසිංහ මහතා පැවසුවේය.
ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇත.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට