Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා 16,000ක්! සම්පූර්ණ විස්තරය මෙන්න!

9 minutes ago

ඊශ්‍රායලයේ ආපනශාලා සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීමේ මාර්ගගත පද්ධතිය ඊයේ (10) විවෘත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව, ආපනශාලා රැකියා සඳහා අයදුම්කරුවන් 4,000 දෙනෙකු ලියාපදිංචි කරගැනීමට අදාළ මාර්ගගත පද්ධතිය ඊයේ දහවල් 12 ට විවෘත විය. ආපනශාලා මුළුතැන්ගෙයි අවම වශයෙන් වසරක පළපුරුද්දක් සහිත, වයස අවුරුදු 25 ත් 40 ත් අතර පිරිමි අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

අයදුම්කරුවන් අවම වශයෙන් වසර 8 ක පාසල් අධ්‍යාපනයක් ලබා තිබීම, යහපත් ඉංග්‍රීසි භාෂා සන්නිවේදන හැකියාවක් පැවතීම මෙන්ම බර ඉසිලීම, දීර්ඝ වේලාවක් නැගී සිටීම සහ මුළුතැන්ගෙයි උපකරණ සේදීම වැනි කාර්යයන් සිදු කිරීමට ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් පසුවීම අනිවාර්ය වේ. තවද, ඔවුන් ආහාර හෝ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සඳහා වන ආසාත්මිකතාවන්ගෙන් තොර විය යුතුය.

ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා ලියාපදිංචි කිරීම පස්වරු 2 ට ආරම්භ වන අතර, එහිදී කාණ්ඩ 4 ක් යටතේ අයදුම්කරුවන් 12,000 ක් ලියාපදිංචි කරගැනීමට නියමිතය.

මෙම රැකියා සඳහා අයදුම්කරුවන් වයස අවුරුදු 25 ත් 45 ත් අතර පසුවිය යුතු අතර, අදාළ වෘත්තීය සුදුසුකම් ලෙස අවම වශයෙන් වසර 10 ක පාසල් අධ්‍යාපනය සහ මූලික ඉංග්‍රීසි දැනුම ඔවුන් සතු විය යුතුය.

මෙම ක්ෂේත්‍ර දෙකෙහිම අයදුම්කරුවන් මීට පෙර ඊශ්‍රායලයේ රැකියාවල නිරත වී නොතිබිය යුතු අතර, ඔවුන්ගේ දෙමාපියන්, ස්වාමිපුරුෂයා/බිරිඳ හෝ දරුවන් දැනට ඊශ්‍රායලයේ රැකියාවල නිරත නොවන්නන් විය යුතුය.

මීට පෙර ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා අයදුම් කර අවසන් පරීක්ෂණයෙන් අසමත් වූවන්ට නැවත අයදුම් කිරීමට සුදුසුකම් නොමැත. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ වෙනත් ක්ෂේත්‍රවල රැකියා සඳහා මීට පෙර අයදුම් කර, මෙම ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ කාණ්ඩ 4 න් ඕනෑම එකකට අවශ්‍ය සුදුසුකම් සපයන අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

අයදුම්කරුවන්ගේ වෘත්තීය නිපුණතාව ඊශ්‍රායල නියෝජිතයන් විසින් පරීක්ෂා කරනු ලබන බැවින්, තමන්ට අදාළ පළපුරුද්ද සහ හැකියාව ඇති රැකියාව සඳහා පමණක් අයදුම් කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *