මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන රත්මලානේ සයිමා නැමැත්තා වැඩිදුර විමර්ශන සදහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත බාරදී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ ඊයේ (10) රාත්‍රී අදාළ සැකකරු පේරාදෙණිය පොලිසිය වෙත බාර දී ඇති බවය.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියාවේ දී එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය මත පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු සමග සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් තිදෙනා ඊයේ පස්වරුවේ වැඩිදුර විමර්ශන සදහා දිවයිනට රැගෙන ආ බව පොලිසිය සදහන් කළේය.
අදාළ ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 2014 වර්ෂයේ දී පේරාදෙණිය පොලිස් වසමේ දී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සහ 2016 වර්ෂයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු වේ.
ඒ අනුව අදාළ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මේ අතර මැලේසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට