Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැලේසියාවේදී කොටුවූ ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට

24 seconds ago

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන රත්මලානේ සයිමා නැමැත්තා වැඩිදුර විමර්ශන සදහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත බාරදී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ ඊයේ (10) රාත්‍රී අදාළ සැකකරු පේරාදෙණිය පොලිසිය වෙත බාර දී ඇති බවය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියාවේ දී එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය මත පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සමග සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් තිදෙනා ඊයේ පස්වරුවේ වැඩිදුර විමර්ශන සදහා දිවයිනට රැගෙන ආ බව පොලිසිය සදහන් කළේය.

අදාළ ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 2014 වර්ෂයේ දී පේරාදෙණිය පොලිස් වසමේ දී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සහ 2016 වර්ෂයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු වේ.

ඒ අනුව අදාළ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මේ අතර මැලේසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *