තරුණියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පවසමින් ඇයට තර්ජනය කළ බව කියන සිවුරක් දරාගත් පුද්ගලයෙකු උඩුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කණිෂ්ඨ විද්‍යාලයක ගුරුවරයෙකු ලෙස සේවය කරන 33 හැවිරිදි භික්ෂුවක් බවයි.
අදාළ තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් පැවැති සමයේ දෙදෙනා අතර ජංගම දුරකථන හරහා නිරුවත් වීඩියෝ දර්ශන හුවමාරු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කෙසේවෙතත්, මීට මාස තුනකට පමණ පෙර එම ප්‍රේම සබඳතාව නතර කර ඇති අතර, පසුව සැකකාර හිමිනම විසින් තරුණියගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ උඩුගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ලංගම බස් රථයක් පෙරළෙයි
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට
ජනපති හා නීතිඥ සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක්
ජූලි මාසයේ දී මහ බැංකුව සැරටම ඩොලර් මිලට අරන්
මැලේසියාවේදී කොටුවූ ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට
මරණීය දණ්ඩනයට එරෙහිව කාදිනල් හිමිගෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා 16,000ක්! සම්පූර්ණ විස්තරය මෙන්න!
අදත් වැසි වැටෙන ප්‍රදේශ
ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයෙක්ට ශ්‍රී ලංකා තරඟාවලිය අහිමි වෙයි
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන
කොලොම්බියාවට දැවැන්ත භූමිකම්පාවක්! 20 කට වැඩි පිරිසක් මරුට!
මාසයකට පසු ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට