Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැගසින් බන්ධනගරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට

16 hours ago

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙම මත්ද්‍රව‍ය තොගය සමග ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයකු වට්සැප් දුරකථන ඇමතුමක් ඔස්සේ ස්ථානය පිළිබඳ ලබා දුන් තොරතුරක් අනුව මෙම මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් බවයි

එම මත්ද්‍රව්‍ය පාර්සලය බොරැල්ල වනාත පාරේදී තවත් පුද්ගලයෙකුට ලබා දීමට නියමිත බවත් සැකකරුගෙන් අනාවරණ වූ අතර එම තොරතුරු අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට රහස් සැලැස්මක් ක්‍රියාත්මක කර සිය නිලධාරින් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් සැකකරු අසලට පැමිණ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා ගනිද්දී අවට රැක සිටි ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් නියාමකවරයා ඉකුත් ජනවාරි මැගසින් බන්ධනාගාරයේ සේවයට පැමිණි අයෙකු බවත් ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිට ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු තංගල්ල බෙලිඅත්ත පදිංචි අවිවාහක පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *