Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශෂී වීරවංශගේ නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය

18 minutes ago

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩුකරය ඔක්තෝබර් 12 වැනිදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළා.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ මහත්මිය මේ වනවිට ඇප මත මුදාහැර සිටිනවා.

අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවූ අතර, එම අවස්ථාවට ශෂී වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියා.

තමන්ට නියම වූ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත්, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින්, ඒවා ඉදිරිපත් කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා කල් ලබා දී තිබෙනවා.

ඒ අනුව නඩුකරය ඔක්තෝබර් 12 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *