Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල් 100ක අල්ලසක් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

1 day ago

රද්දොළුගම බස් නැවතුම්පොළේදී රුපියල් 100ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්ත වේලා සටහන් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රද්දොළුගම සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයක ගමන් වාරය නියමිත වේලාවට ආරම්භ නොකර ප්‍රමාද කර වාසිදායක ලෙස ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් බස් රථ සේවකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (20) දහවල් වේලා සටහන් කුටිය තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *