කොළඹ නෙළුම් කුළුන සඳහා බන්ගි ජම්ප් (bungy jump) ක්‍රීඩාව හදුන්වා දී තිබෙනවා.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා.
ඒ අනුව නෙළුම් කුළුණ මුදුනේ සිට කඹයක ආධාරයෙන් පැනීමේ මෙම අත්දැකීම මේ වසරේ දෙසැම්බර් අග හෝ ලබන ජනවාරි මස මුලදී මහජනතාවට ලබාගත හැකි බව නෙළුම් කුළුණේ කළමනාකාරීත්වය පවසයි.
හය දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් නෙළුම් කුළුණේ සිට මීටර් 195ක උසකින් බැස එහි නියමු ව්‍යාපෘතිය ඊයේ ආරම්භ කළේය.
දිවයිනේ උසම කුළුණෙන් බැස මෙම ත්‍රාසජනක අත්දැකීම සඳහා සහභාගී වීමට නම් වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතු බවයි නෙළුම් කුළුණේ කළමනාකාරීත්වය පවසන්නේ.
එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ නෙළුම් කුළුණ විවෘත කිරීමෙන් පසු ගත වූ මාස 14 තුළ මිලියන 1.35 ක ජනතාවක් පැමිණ ඇති බවත් ඊට විදේශීය අමුත්තන් 34,000 ක් පමණ ඇතුළු වී ඇති බවත්ය.


රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්
තවත් ඛේදවාචකයක්! ගිංඔයට පැන්න සිසුවියගේ සිරුර හමුවෙයි!
ඇමති නලින්දගෙන් මාධ්‍ය ආයතන වෙත රතු එළියක්
ඇස් දෙක රැකගන්න ඔබ කල යුතු දේවල්! හැකි උපරිම 20-20-20 නීතිය අනුගමනය කරන්න!
විදුලි වාහන හිමියන්ට සුබ ආරංචියක්
ආසියාවේ රටවල් රැසක් පරදා ලංකාව උඩටම එයි