Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි! A,B,C කුසලතා අහෝසියි! ප්‍රතිඵල මත GPA අගයක්!

2 years ago

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කරන බවට වාර්තා වෙනවා.

මේ අනුව 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය, විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණි.

මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහායි.

2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට A,B,C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ක්‍රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වනු ඇති.

ඒ අනුව 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්‍යාපන නමින් නවතම විෂය ධාරාවක් එකතු කෙරේ.

Related : පාසල් සිසුන්ට හා දෙමාපියන්ට රජයෙන් සුබ ආරංචියක්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *