2020 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදිමින්, මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා ගෙන තිබුණු මනාප ඡන්ද 527,364 ක මනාප ප්‍රමාණය ඉක්මවා යන මනාප සංඛ්‍යාවක් ඊයේ දිනයේ පැවති මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණු අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය විසින් ලබා ගෙන තිබුණි.
අග්‍රාමාත්‍යවරිය විසින් ලබාගෙන තිබුණු මනාප සංඛ්‍යාව 655,289 කි.
එය නව වාර්තාවක් ලෙස සැලකුණද, එම වාර්තාව පැවතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වන තෙක් පමණි.
ගම්පහ දිස්ත්‍රික් මනාප ඡන්ද ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් කර තිබුණු අතර, එම මනාප ප්‍රතිඵල අනුව, මනාප ඡන්ද 716,715 ක ප්‍රමාණයක් අමාත්‍ය විජිත හේරත් විසින් ලබා ගෙන තිබේ.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මරණ සහතිකය ඩිජිටල් වෙයි
ජැෆ්නා කිංග්ස් හිමිකාරීත්වය අවලංගු කෙරේ! පාලනය SLC සහ IPG වෙත!
තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෂීක් හසීනා ආපසු එන්න හදයි: බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීමට සූදානම්!
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්