විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව දැනට පවතින ගෘහස්ථ විදුලි පාරිභෝජන ඒකක 1ත් 30ත් අතර රුපියල් 30ක්ව පවතින මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වායි ඉහළ නංවන ලෙස යෝජනා කර ඇත්තේ. ලංකා විදුලිබල මණ්ඩලය ඒ සඳහා යෝජනා කර තිබුණේ රුපියල් 430ක්.
එමෙන්ම දැනට ඒකක 1ත් 30ත් අතර රුපියල් 2යි ශත 50ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව, මහජන උපයෝගීතා කොමිෂන් සභාවද එලෙසින්ම නිර්දේශ කර තිබෙනවා.
මේ අතර ඒකක 31ත් 60ත් අතර ස්ථාවර ගාස්තුව රුපියල් 1100කින් ඉහළ දැමිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළ ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 300ක වැඩිවීමක්.
එමෙන්ම ඒකක 31ත් 60ත් අතර දැනට රුපියල් 4යි ශත 85ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 12යි ශත 50කින් වැඩි කළ යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළද මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 10ක ගාස්තු සංශෝධනයක් පමණයි.
යෝජිත විදුලි බිල සංශෝධනය පහතින්










සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි