Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඊයේ ඇරඹුණු Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනගත යුතු සියලුම කරුණු මෙන්න

1 year ago

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරනවා.

ඊයේ(01) දිනයේ සිට මෙම වැඩසටහන ආරම්භ කළ අතර ඊට අදාළව ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කිරීමේ ගැසට් නිවේදනය පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළේ ය.

ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකු කාර්ය සාධක බළකායට ඇතුළත් ය.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන් ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ යනු කුමක් ද?

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර එම වැඩසටහනේ සාමාජික චමින්ද ජයසූරිය ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ.

“අපේ රට මේ තියෙන තත්ත්වය තව ප්‍රමාණයකට ඔසවන්නේ කොහොම ද, දියුණු රටවල්වල මට්ටමට අපේ රට ඔසවන්නේ කොහොම ද කියන එක තමයි මේකේ තියෙන වැඩේ.”

“ලෝකයේ එක එක රටවල්වල පරිසරය සම්බන්ධව, සෞඛ්‍යය සම්බන්ධව, ආහාර සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව නොයෙකුත් ප්‍රමිතිගත කිරීම් ලෝකයේ කරලා තියෙනවා. ඒවට අපි එකඟ වෙච්ච තැන් තියෙනවා, අපි පිළිගන්න තැන් තියෙනවා, අපි දැකපුවා ම අපි ආස හිතෙන තැන් තියෙනවා මෙන් ම මේ ඔක්කොම එකතු කරලා ප්‍රමිතියකට මේ රට ඉහළ තලයකට ඔසවන්නේ කොහොම ද කියන එක තමයි සරලව කිව්වොත් ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ,” යැයි ඔහු සඳහන් කළේ ය.

‘මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කෙසේද?

2025 වසරේ 01 වන දා සිට මෙම වැඩසටහන ආරම්භ වන අතර පළවෙනි මාසය තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරන බව ඔහු පවසයි.

“මේක මේ දේශපාලන වැඩක්වත්, දේශපාලන ව්‍යාපාරයක වැඩක්වත්, ජනාධිපතිතුමා පෞද්ගලිකව කරන වැඩකවත් නෙමෙයි. මේක අපි හැමෝගෙ ම වැඩක්,” චමින්ද ජයසූරිය පැවසීය.

මාස දෙකක් පමණ කාලයක් තිස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිම සැලසුම් කළ බව ද ඔහු කියා සිටියේ ය.

සිදුකිරීමට නියමිත වෙනස්කම් මොනවා ද?

මෙම වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කළ යුතු වෙනස්කම් සම්බන්ධව මෙන්ම ගන්නා පියවර ගැන චමින්ද ජයසූරි පැවසීය.

“නීති වෙනස් කරන්න ඕනේ නම් නීති වෙනස් කරනවා, අලුතින් චක්‍රලේඛ ඕන නම් ගහනවා, මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න ඕනේ නම් අපි ඒ හිත් වෙනස් කරනවා, මිනිස්සුගේ හැසිරීම වෙනස් කරන්න ඕනේ නම් අපි ඒ හැසිරීමත් වෙනස් කරනවා.”

කිසිදු බාධාවක් නොමැතිව ඉදිරියට යාමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නිර්මාණය කර ඇති බව ද එම සටහනේ සමාජික චමින්ද ජයසූරිය අදහස් දක්වමින් කියා සිටියේ ය.

“අපි තෘප්තිමත් වෙන ලෙවල් එකට මේ වැඩේ ගේනකම් මේ වැඩේ ගෙනියනවා”

වත්මන් රජයේ ධූර කාලයට අයත් ඉදිරි වසර පහ සඳහා මෙන් ම ඉන් ඉදිරියටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම් සකස් කර තිබේ.

“ඔයා වොෂ් රූම් එකක් ක්ලීන් කළා ම අද ක්ලීන් කළා කියලා ඒක දිගට ම ක්ලීන් වෙලා තියෙන්නේ නෑනේ. හැබැයි අපි ඒක පුරුද්දක් හදාගත්තොත් ස්ටෑන්ඩඩ් එකක් හැදුවොත් අපි ප්‍රමිතිකරණයකට මේක හැදුවාට පස්සේ, ඒක ඔටෝ රන් වෙන්න අපිට දාන්න පුලුවන්නේ. අපි තෘප්තිමත් වෙන ලෙවල් එකට මේ වැඩේ ගේනකම් මේ වැඩේ ගෙනියනවා.”

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.

ප්‍රධාන නිල උත්සවයට සමගාමීව රාජ්‍ය ආයතනවල ක්ලීන් ශ්‍රී ලංකා දිවුරුම ලබා දී නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරිමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය උපදෙස් ලබා දීම සිදු කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *