Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව – 2025

2 weeks ago 63.5 K
චාරිත්‍රයදිනය හා වේලාවවිස්තරය
නව සඳ බැලීමමාර්තු 30
මැයි 01
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 30 වනදාද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 01වනදාද නව සඳ බැලීම මැනවී.
පරණ අවුරුද්ද සඳහා ස්නානයඅප්‍රේල් 13 ඉරිදාදිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාවඅප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 03.21සිංහල හා හින්දු අලුුත් අවුරුද්ද උදා වෙයි.
පුණ්‍ය කාලයඅප්‍රේල් 13 ඉරිදා අපර භාග 08.57සිට
අප්‍රේල් 14 සඳුදා පූර්ව භාග 09.45
අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 08.57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වන ඉරිදා දින අපර භාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලුු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම. වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.
ආහාර පිසීමඅප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 04.04තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිණි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද දී කිරි හා විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා ආහාර අනුභවයඅප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 06.44මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුුදෙනුු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑමඅප්‍රේල් 16 බදාදා, පූර්ව භාග 09.04පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සදහා පිටත්ව යාමඅප්‍රේල් 17 බ්‍රහස්පතින්දා, පූර්ව භාග 09.03රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි.
පැළ සිටුවීමඅප්‍රේල් 18 සිකුරාදා, පූර්ව භාග 10.16විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම මැනවි.
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *