| චාරිත්‍රය | දිනය හා වේලාව | විස්තරය |
| නව සඳ බැලීම | මාර්තු 30 මැයි 01 | අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 30 වනදාද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 01වනදාද නව සඳ බැලීම මැනවී. |
| පරණ අවුරුද්ද සඳහා ස්නානය | අප්‍රේල් 13 ඉරිදා | දිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. |
| අලුත් අවුරුදු උදාව | අප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 03.21 | සිංහල හා හින්දු අලුුත් අවුරුද්ද උදා වෙයි. |
| පුණ්‍ය කාලය | අප්‍රේල් 13 ඉරිදා අපර භාග 08.57සිට අප්‍රේල් 14 සඳුදා පූර්ව භාග 09.45 | අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 08.57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වන ඉරිදා දින අපර භාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලුු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම. වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි. |
| ආහාර පිසීම | අප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 04.04 | තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිණි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද දී කිරි හා විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි. |
| වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා ආහාර අනුභවය | අප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 06.44 | මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුුදෙනුු කොට ආහාර අනුභවය මැනවි. |
| හිස තෙල් ගෑම | අප්‍රේල් 16 බදාදා, පූර්ව භාග 09.04 | පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි. |
| රැකී රක්ෂා සදහා පිටත්ව යාම | අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා, පූර්ව භාග 09.03 | රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි. |
| පැළ සිටුවීම | අප්‍රේල් 18 සිකුරාදා, පූර්ව භාග 10.16 | විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම මැනවි. |

හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි
ගමට ගිය අයට කොළඹ එන්න තවත් බස් හා දුම්රිය
‘නෙළුම් කුළුණ’ චිත්‍රපටියේ හොර පිටපත් ගැන අනතුරු ඇඟවීමක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුමන්තිරන්ගෙන් දැඩි විවේචනයක්
හෙට හා අනිද්දා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’