උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඒ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඒ අනුව, බාලවයස්කාර දරුවෙකුගේ විවාහය සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවාහ සහ දික්කසාද පනතේ 11 කොටස අවලංගු කිරීම සහ එහි ඇති අනනුකූලතාවන් ඉවත් කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම කෙටුම් පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනවා.
නව සංශෝධන ඇතුළත් මුස්ලිම් විවාහ නීති කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබුණු බවත් ඒ අනුව විශේෂඥ කමිටුවක් එ සඳහා පත් කළ බව කී අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවේ නිර්දේශ මේ වන විට ලැබී ඇති බව සඳහන් කළේය. සංශෝධන රාසියක් ඇතුළත් පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයිද කාන්තාවන්ගේ කැමැත්ත ද්වී විවාහ ආදී කරුණු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කළ බවත් සති කිහිපයක් ඇතුළත අවසාන තීරණ ලබා ගැනීමෙන් පසු මෙම නීතිය කෙටුම්පත් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද පෙන්වා දෙනවා.
වර්තමානයට ගැළපෙන සහ ජනතාව අතර අසමගිය ඇති නොවන පරිදි මෙම නීතිය සශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි