උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඒ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඒ අනුව, බාලවයස්කාර දරුවෙකුගේ විවාහය සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවාහ සහ දික්කසාද පනතේ 11 කොටස අවලංගු කිරීම සහ එහි ඇති අනනුකූලතාවන් ඉවත් කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම කෙටුම් පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනවා.
නව සංශෝධන ඇතුළත් මුස්ලිම් විවාහ නීති කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබුණු බවත් ඒ අනුව විශේෂඥ කමිටුවක් එ සඳහා පත් කළ බව කී අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවේ නිර්දේශ මේ වන විට ලැබී ඇති බව සඳහන් කළේය. සංශෝධන රාසියක් ඇතුළත් පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයිද කාන්තාවන්ගේ කැමැත්ත ද්වී විවාහ ආදී කරුණු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කළ බවත් සති කිහිපයක් ඇතුළත අවසාන තීරණ ලබා ගැනීමෙන් පසු මෙම නීතිය කෙටුම්පත් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද පෙන්වා දෙනවා.
වර්තමානයට ගැළපෙන සහ ජනතාව අතර අසමගිය ඇති නොවන පරිදි මෙම නීතිය සශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට