රජය සතු ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
‘ද ඉකොනොමිස්ට්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ හැකි බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළා.
රජය සතු ඇතැම් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සතුරුකම් කිරීම පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයා කියා සිටියේ ‘මම වෘත්තීය සමිති ගැන කරදර වෙන්නේ නැහැ, වැදගත් වන්නේ ජනතාවයි’ යනුවෙන්.