Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොටස් වෙළඳපොළ ඉතිහාසගත වාර්තාවක් තබයි

5 months ago

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 18,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.98 කින් ඉහළ ගොස් ඒකක 18,014.86ක් ලෙසින් සටහන් විය.

අද දින සමාගම් 126ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණි.

එහිදී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දීමට සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ බුකිට් ඩාරා යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම හේතූ වී තිබුණි.

මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 62.74 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,345.80 ක් ලෙසින් සටහන් වූ අතර ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 6.38ක් ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *