ළඟදී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ඉවුම් පිහුම් පාඨමාලාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය තීරණය කර ඇත.
විවාහ වීමට සිටින තරුණ තරුණියන්ට අමතරව උසස් අධ්‍යාපනය හා විදෙස් රැකියා සඳහා විදේශ ගත වීමට අපේකෂාවෙන් සිටින තරුණ තරුණියන්ට මෙන්ම පාසල් දරුවන්ටද තමන්ගේ ආහාරපාන තමන් විසින්ම සකස් කර ගැනීමට හැකි වන පරිදි ඔවුන්ටද ඉවුම් පිහුම් පාඨමාලාවන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් කීය.
ඇතැම් දෙමාපියන් තම ගැහැනු දරුවන් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලට යොමු කිරීමට අකැමැත්තක් දක්වන බව පෙන්වා දෙන ඔහු සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඇති එවැනි වැරදි මත හිත්වලින් ඉවත්කර ගැනීමට කාලය පැමිණ ඇති බවද කීවේය.
වර්තමානයේ දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය මත දරුවන්ට මෙවැනි පාඨමාලාවක් හැදෑරීමෙන් ඔවුන්ට අඩු මුදලකට තනිවම තම ආහාරපාන සකසා ගැනීමට අවස්ථාව හිමි වන බවත් දිනපතා ඔවුන්ට එම ආහාරපාන සකසා ගැනීමට උගන්වන පරිදි මෙම පාඨමාලාව සකස් කර ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කනිෂ්ක එන්. ජයතුංග කීය. මේ සඳහා නුදුරු දිනයකදීම අයැදුම්පත් කැඳවන බව හෙහෙතම කීය.
(අරුණ – මිහිරි ෆොන්සේකා)

සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්‍රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි