Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසියෙන් විශේෂ නිවේදනයක්

4 weeks ago

පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරන ලද දැනුවත් කිරීමකට අදාළව මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුවත් කරමින් පොලිස්පතිතුමා විසින් නිකුත් කරන ලද පණිවිඩයක් ගෙනහැර දක්වා යම් යම් වැරදි අදහස් පලකර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ පරිපාලනයේ පහසුව සඳහා මෙන්ම හුදෙක් නීති ක්‍ෂේත්‍රයේ සහ ඉදිරි අධිකරණ ක්‍රියාදාමයන් මෙන්ම විමර්ශන ක්‍රියාවන්ට වන අගතිදායක තත්ත්වය මඟහරවා ගැනීමේ පරමාර්ථයෙන් මෙසේ නිලධාරීන් දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදු කරන බවය.

එමෙන්ම මෙය එක් අවස්ථාවක් පමණක් වන වන අතර එය ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තීමය තත්ත්වය පවත්වා ගෙන යාම සඳහා සිදු කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවලියක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *