මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර ඇති බව විභාග
කොම්සාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ II වැනි ප්‍රශ්න පත්‍රය පළමුවත්, I වැනි ප්‍රශ්න
පත්‍රය දෙවනුවත් ලබා දීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය වර්ෂවල කාලසටහන සම්බන්ධයෙන් පුළුල්ව
අධ්‍යනය කර මෙම තීරණයට එළඹි බවයි අදාල නිවේදනය හරහා විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18 වැනිදා පැවැත් වීමට විභාග
දෙපාර්තමේන්තුව විසින් සැලසු කර ඇති ඇත.
එහි II වැනි ප්‍රශ්න පත්‍රය (බහුවරණ හා
කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 60කි) පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වා පැය 1යි
මිනිත්තු 45ක් ද, I වැනි ප්‍රශ්න පත්‍රය (වරණ තුනකින් සම්විත බහුවරණ ප්‍රශ්න
40කි) පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැය එකක කාලයක් පැවැත් වීමටයි විභාග
දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්