ප්රජාතන්ත්රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළ යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා, හැට නම ලක්ෂයක ජන වරමින් බලයට පත්වී විධායක බලයද අතේ තබාගෙන කිසිදු ජනතා හිංසන ක්රියාවක් සිදු නොකළ බවයි ඔහු පවසන්නේ.
ජනතාවට පහර දී මරා දමා තමනට බලයේ රැදී සිටීමට උවමනා නැතැයි පවසමින් ඔහු ධුරයෙන් නික්ම ගිය බවත් ඒ හේතුවෙන් ගෝඨාභය මහතාට ප්රජාතන්ත්රවාදයේ පියා ලෙස නම් කළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේය.