මෙවර ශ්‍රී පාද වන්දනාවේදී එක පඩිපෙළක වැඩි පිරිසක් එකවර රැඳී නොසිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්‌යේෂණායතනය සිරිපා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.
දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමග හැටන් පිවිසුම් මාර්ගයේ මහගිරිදඹේ සිරිපා මළුව ආසන්නයේ පිහිටි කසළ කන්ද නායයාම නිසා එම කසළත් සමග පස් හා ගල් කොටසක් සිරිපා මළුවට ආසන්න අත් වැට දක්වා පැමිණ අත් වැටටද සුළු හානි වී ඇති බවත්, එමනිසා එහිද අවදානමක් මතුව ඇති බැවින් හැකි හැම විටම හැටන් මාර්ගයෙන් පිරිපා කරුණා කිරීම සීමා කර රත්නපුර සිරිපාගම හා කුරුවිට එරත්න මාර්ගවලින් සිරිපා වන්දනා කරන ලෙසත්, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර හා ජාතික ගොඩනැගිලි පර්‌යේෂණායතනයේ දිස්ත්‍රික් ප්‍රධානී භූ විද්‍යාඥ ප්‍රධාන ඉංජිනේරු අභිත වනසුන්දර යන අය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පෙරේදා (10වැනිදා ) පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඔවුහු මෙම ඉල්ලීම කළහ.
හැටන් මාර්ගයේ අදාළ ස්ථානය මේ වන විට පිළිසකර කර බැතිමතුන්ට වන්දනාවේ පැමිණීමට ඇති බාධා ඉවත් කර ඇතැයි ප්‍රධාන භූ විද්‍යාඥ ප්‍රධාන ඉංජිනේරු අභිත වනසුන්දර කීවේය.
නමුත් හා සිරිපා මළුව ආසන්නයේ කොටසක් මීටර් 600ක පමණ දුරක් නාය යාමෙන් එම ප්‍රදේශයටද යම් අවදානමක් මතුව ඇතත් සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට හා එම මාර්ගවලට ඉන් අවදානමක් නැති බවද යම් අවදානමක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැනුවත් කරන බවද ඔහු අවධාරණය කළේය.

ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්
තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
14 හැවිරිදි දරුවාගේ අභිරහස් මරණයේ සුලමුල සෙවීම ඇරඹෙයි! මව හා පියා රිමාන්ඩ්!
‘Dhamma Bridge’ ව්‍යාපෘතිය ඇරඹෙයි