Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනියගෙන් දැඩි තීරණයක්

4 weeks ago

වාර විභාග, විෂය නිර්දේශ වලින් ඔබ්බට ගොස් දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සහ කරන ලෙසත්, ආපදාවලින් ආතතියට පත් ළමුන් එයින් මුදවාගැනීමට නම්‍යශිලිව අවශ්‍ය කටයුතු යොදන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය ඉල්ලා සිටිනවා.

ආපදාවට පත් ප්‍රදේශවල දරුවන්ට පාසල් යාම බරක් නොවිය යුතු බවත් ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇඳුමකින් පාසලට පැමිණීමේ අවස්ථාව ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසැල් නැවත ආරම්භ කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පරිවේනාධිපති ස්වාමින් වහන්සේලා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා පසුගියදා නුවරඑළිය සිනෙසිටා නගර ශාලවේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

කුමන බාධක පැමිණියත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිදුකරන බව මේ වන විට ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු 51% අවසන් බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය. මෙම ස්වාභාවික ව්‍යසනයෙන් පසුව රට පැවති තත්ත්වයට නොව ඊට වඩා ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කැපවීමෙන් වැඩ කලයුතු බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *