Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩතහනම් කරයි

4 weeks ago

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

වගකිව යුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මෙලෙස සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් සිදු කරන ලද උක්ත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්ගේ අංක HSC/DIS/070/2025 හා 2025.12.17 දිනැති ලිපියේ නියමය පරිදි ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 31:1:15 වගන්තිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රාජකාරි වැඩ තහනම් කර තිබෙනවා.

ඔහු භාරයේ රජය සතු දේවල් තිබේ නම් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කරන අයෙකුට භාරදිය යුතු වන අතර, වැඩ තහනම්ව සිටින කාලය තුළ දිවයිනෙන් බැහැරව නොයා යුතු අතර පදිංචි ස්ථානයේ ලිපිනයේ වෙනසක් සිදු වන්නේ නම් එයද දැනුම් දිය යුතු බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *