කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
වගකිව යුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මෙලෙස සේවය අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් සිදු කරන ලද උක්ත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්ගේ අංක HSC/DIS/070/2025 හා 2025.12.17 දිනැති ලිපියේ නියමය පරිදි ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 31:1:15 වගන්තිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රාජකාරි වැඩ තහනම් කර තිබෙනවා.
ඔහු භාරයේ රජය සතු දේවල් තිබේ නම් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කරන අයෙකුට භාරදිය යුතු වන අතර, වැඩ තහනම්ව සිටින කාලය තුළ දිවයිනෙන් බැහැරව නොයා යුතු අතර පදිංචි ස්ථානයේ ලිපිනයේ වෙනසක් සිදු වන්නේ නම් එයද දැනුම් දිය යුතු බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්‍ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි