දඹුල්ල පොලිස් වසමේ පිහිටි නිවසකට කඩා වැදී එම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනකු දුෂණය කිරීමට තැත් කළ බව කියන මුහුණු ආවරණය කරගත් දෙදෙනකු සමඟ පොරබදා බලවත් පරිශ්‍රමයක් යොදා ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීමට එම සහෝදරියන් දෙදෙනා සමත්ව ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
පසුව එම පුද්ගලයන් දෙදෙනා සහෝදරියකට අයත් රුපියල් 3800 ක මුදලක් සහිත පසුම්බියක් පැහැරගෙන පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ ගැන කිසිවකුට නොකියන ලෙස සහෝදරියන් දෙදෙනාට තර්ජනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. සැකකරුවන්ගේ තර්ජනයට බිය නොවූ සහෝදරියන් දෙදෙනා මේ බව දඹුල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.
පොලීසිය පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම සිද්ධියට සම්බන්ධ බව කියන දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පසුගිය 26 වනදා සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනෙක් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට දඹුල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරික්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
hits: ප්‍රභූවරයෙකු හෙළිකොප්ටරයෙන් ජාතික රෝහලට! විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කැඳවයි! රෝහල වටා දැඩි ආරක්ෂාවක්!

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි