Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාවාරම්කරුවකුගේ මිලියන 62ක දේපළ ක්‍රියා විරහිත කරයි

3 weeks ago

නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62 කට අධික වටිනා දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර මෙම වත්කම් උපයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ නීති විරෝධි වත්කම් උපයාගෙන ඇති බවට ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුවයි අදාළ විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.

එහිදී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඉපැයූ මුදලින් මිලදී ගෙන ඇති බවට සැක කරන රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි 03 ක්, ඒ තුළ ඉදිකර තිබූ නවීන මාදිලියේ තනි මහල් නිවසක් සහ ඇහැළියගොඩ රත්නපුර මාර්ගයට යාබද දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත පර්චස් 06 ක ඉඩමක් සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් (12) වැනිදා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබාගෙන තිබුණා.

එම දේපල සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි ලබන පෙබරවාරි (18) දින දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර තිබෙන්නේ.

මෙම විමර්ශනයට අදාළව එම සැකකරු 2025.11.12 වැනිදා සහ සැකකාරිය 2025.11.21 වැනිදා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබුණා.

මේ අතර සැකකරු හා සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම තුළින් උපයා ගන්නා ලද මුදල් යොදවා ඔවුන්ගේ දියණියගේ ස්වාමි පුරුෂයාගේ නමින් මිළදී ගෙන තිබූ රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් නවීන පන්නයේ දෙමහල් නිවසක් සහිත පර්චස් 11.6 ක ඉඩමක් හා රුපියල් මිලියන 12 ක් වටිනා කාර් රථයක් සම්බන්ධයෙන් අද (21) දින සිට මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක කාල සීමාවක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *