නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62 කට අධික වටිනා දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර මෙම වත්කම් උපයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ නීති විරෝධි වත්කම් උපයාගෙන ඇති බවට ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුවයි අදාළ විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.
එහිදී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඉපැයූ මුදලින් මිලදී ගෙන ඇති බවට සැක කරන රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි 03 ක්, ඒ තුළ ඉදිකර තිබූ නවීන මාදිලියේ තනි මහල් නිවසක් සහ ඇහැළියගොඩ රත්නපුර මාර්ගයට යාබද දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත පර්චස් 06 ක ඉඩමක් සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් (12) වැනිදා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබාගෙන තිබුණා.
එම දේපල සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි ලබන පෙබරවාරි (18) දින දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර තිබෙන්නේ.
මෙම විමර්ශනයට අදාළව එම සැකකරු 2025.11.12 වැනිදා සහ සැකකාරිය 2025.11.21 වැනිදා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අනතුරුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබුණා.
මේ අතර සැකකරු හා සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම තුළින් උපයා ගන්නා ලද මුදල් යොදවා ඔවුන්ගේ දියණියගේ ස්වාමි පුරුෂයාගේ නමින් මිළදී ගෙන තිබූ රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් නවීන පන්නයේ දෙමහල් නිවසක් සහිත පර්චස් 11.6 ක ඉඩමක් හා රුපියල් මිලියන 12 ක් වටිනා කාර් රථයක් සම්බන්ධයෙන් අද (21) දින සිට මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක කාල සීමාවක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි