සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (24) පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යන්තර තරගයේදී සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට එංගලන්ත දඟ පන්දු යවන්නන් සමත් විය. ඒ ජාත්‍යන්තර එක්දින තරගයකදී එංගලන්ත දඟ පන්දු යවන්නන් කණ්ඩායමක් යැවූ වැඩිම පන්දුවාර සංඛ්‍යාවේ වාර්තාවයි.
අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිම පුරා සිය ආධිපත්‍යය පැතිරවූ එංගලන්ත දඟ පන්දු යවන්නන් පන්දුවාර 40කුත් පන්දු 03ක් යැවීමට කටයුතු කළහ. මෙය එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දඟ පන්දු යවන්නන් පිරිසක් එක් ඉනිමකදී යැවූ වැඩිම පන්දුවාර ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට එක් විය.
මීට පෙර මෙම වාර්තාව සතු වූයේ මීට දශක හතරකට පමණ පෙර 1985 වසරේදී පිහිටුවා තිබූ වාර්තාවකටයි.
| වාර්තාව | පන්දුවාර සංඛ්‍යාව | ප්‍රතිවාදී කණ්ඩායම | වසර සහ ක්‍රීඩාංගණය |
| නව වාර්තාව | 40.3 | ශ්‍රී ලංකාව | 2026 – කොළඹ |
| පැරණි වාර්තාව | 36.0 | පාකිස්තානය | 1985 – සාජා |

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට්ට පැනවූ තහනම
මැදපෙරදිග යුද්ධයෙන් යළි ගුවන් ගමන්වලට බාධාවක්
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට
රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
බොරතෙල් මිල වේගයෙන් පහතට
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව ගත් තීරණය
විපක්ෂයේ පක්ෂ එකට එක්වෙයි! ජාත්‍යන්තර සංවිධාන රැසකට ලිපි යවයි!
බලශක්ති ඇමති ජනතාවගේ සහාය පතයි
යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
ජනපති අනුර හා මෝදි අතර තීරණාත්මක දුරකථන සංවාදයක්