ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ පවසනවා.
‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ස්වාමින් වහන්සේ මේ බව කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වු ගංගාරම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ, 78වන නිදහස් දිනයට සමගාමීව සර්වඥ ධාතු වන්දනා කිරීමට ලැබීම ලාංකිකයින්ට ලැබෙන තවත් මහඟු අවස්ථාවක් බවයි.
කොළඹට ඇදී එන අතිවිශාල ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට සූදානම් බවද ස්වාමින් වහන්සේ වැඩිදුරටත් පැවසුවා.
ගංගාරාම විහාරය ඉදිරිපිට තිබෙන හිස් ඉඩමේ බැතිමතුන්ට රැඳී සිටීමට ඉඩ පහසුකම් සලසා ඇති අතර, පෝළිමට එක්වන බැතිමතුන්ට දන් සැල් සහ අනෙකුත් සංග්‍රහ ලබාදීමට සූදානම් කර තිබෙනවා.
තවද දුරබැහැර සිට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සහ ගමන් පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවත්, දවසේ පැය 24 පුරාම ධාතුන් වහන්සේලා නැරඹීමට අවස්ථාව ලබා දෙන බවද පැවසුවා.
බැතිමතුන් වැඩි ප්‍රමාණයකට ‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කිරීමට අවස්ථාව ලබා දීම අරමුණ බවද උන් වහන්සේ සඳහන් කළා.
සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා කොළඹ නගර සභාව සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ධාතු වන්දනාව සඳහා පැමිණෙන විදේශීය සංචාරකියන් අපහසුතාවයට පත් නොවන පරිදි ඔවුන්ට අමතර පෝළිමක ගොස් වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙන බවද කියා සිටියා.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට