Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සඳහා පැමිණීමට සැරසෙන ජනතාවට දැනුම්දීමක්

2 weeks ago

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ පවසනවා.

‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ස්වාමින් වහන්සේ මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වු ගංගාරම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ,  78වන නිදහස් දිනයට සමගාමීව සර්වඥ ධාතු වන්දනා කිරීමට ලැබීම ලාංකිකයින්ට ලැබෙන තවත් මහඟු අවස්ථාවක් බවයි.

කොළඹට ඇදී එන අතිවිශාල ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට සූදානම් බවද ස්වාමින් වහන්සේ වැඩිදුරටත් පැවසුවා.

ගංගාරාම විහාරය ඉදිරිපිට තිබෙන හිස් ඉඩමේ බැතිමතුන්ට රැඳී සිටීමට ඉඩ පහසුකම් සලසා ඇති අතර, පෝළිමට එක්වන බැතිමතුන්ට දන් සැල් සහ අනෙකුත් සංග්‍රහ ලබාදීමට සූදානම් කර තිබෙනවා.

තවද දුරබැහැර සිට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සහ ගමන් පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවත්, දවසේ පැය 24 පුරාම ධාතුන් වහන්සේලා නැරඹීමට අවස්ථාව ලබා දෙන බවද පැවසුවා.

බැතිමතුන් වැඩි ප්‍රමාණයකට ‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කිරීමට අවස්ථාව ලබා දීම අරමුණ බවද උන් වහන්සේ සඳහන් කළා.

සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා කොළඹ නගර සභාව සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ධාතු වන්දනාව සඳහා පැමිණෙන විදේශීය සංචාරකියන් අපහසුතාවයට පත් නොවන පරිදි ඔවුන්ට අමතර පෝළිමක ගොස් වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙන බවද කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *