Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්පැන් මිල පහළට? 

2 days ago

දේශීයව නිෂ්පාදනය කරනු ලබන මත්පැන් මිල අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාපසුගියදා පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලීමක් කළේය.

ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් ‘ගල්’ අරක්කු ලෙස හඳුන්වන බෝතලයක් සඳහා පමණක් රුපියල් 1832 ක බද්දක් අය කරන බවත් මෙවැනි ඉහළ මිල ගණන් පාරිභෝගිකයාට දැරිය නොහැකි බවත්ය.

විවාහ මංගල්‍ය හෝ අවමංගල්‍ය උත්සව වැනි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ බහුලවම පරිභෝජනය වන මත්පැන් වර්ගය මෙය බැවින්, දේශීය මධ්‍යසාර සඳහා වන බදු ප්‍රතිපත්තිය සහ මිල නියම කිරීම් නැවත සමාලෝචනය කළ යුතු බව ඔහු පවසා සිටියේය.

මෙහිදී මන්ත්‍රීවරයා විසින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගෙන් මත්පැන් අලෙවිය සහ ඒ හරහා ලැබී ඇති සුරාබදු ආදායම පිළිබඳව ද ප්‍රශ්න කරනු ලැබීය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ, රජය විසින් මෙම ඉල්ලීම සලකා බලන බවයි.

එමෙන්ම පසුගිය වසර තුළ රුපියල් බිලියන 213.39 ක සුරාබදු ආදායමක් රජය විසින් උපයාගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *