දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා මූල්‍ය විනයකින් යුතුව පවත්වාගෙන යාමට හැකි වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
කොළඹදී ඊයේ (06) පැවැත්වුණු “කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය” පිළිබඳ සමුළුව අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය වසර කිහිපය තුළ පවත්වාගත් යහපත් ආදායම් කළමනාකරණය හේතුවෙන් රජයේ බැංකු පද්ධතිය තුළ ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බවයි.
ආර්ථික අර්බුදයට පෙර රජයේ ප්‍රධාන බැංකු දෙකෙහි රුපියල් ට්‍රිලියනයක මූල්‍ය හිඟයක් පැවති නමුත්, වර්තමානය වන විට එය රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි.
මෙම අතිරික්ත මුදල් පවතින ආර්ථික පීඩනයන්ට මුහුණ දීමේදී මහත් පිටුවහලක් වූ අතර, එමගින් රජයට අමතර ණය ගැනීමට සිදු නොවූ බවත් එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියටද හිතකර බලපෑමක් එල්ල කළ බවත් අධිපතිවරයා සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය වීරසිංහ මහතා කියා සිටියේ, මෙම වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනංවා ගැනීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම දැනට 2%ක් වැනි අවම මට්ටමක පවතින උද්ධමනය, 5%ක සීමාව ඉක්මවා යාමට ඉඩ නොදී ස්ථාවරව පවත්වාගෙන යාම මහ බැංකුවේ ඉදිරි ප්‍රධාන ඉලක්කය බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
”දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට කැපී පෙනෙන හානියක් සිදුව තිබෙනවා. නමුත් එම හානිය අපේක්ෂා කළ තරමට වඩා අවම අගයක්. ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පවා වරෙක පැවසුවා එම හානි තක්සේරුව අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් කියලා. රජයට ඊට වඩා සියුම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව නැවත ගොඩනැගීමේ වියදම බොහෝදුරට අපේක්ෂා කළ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. දිට්වා හි බලපෑමෙන් ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්න පුළුවන්. එම සංඛ්‍යාලේඛන නුදුරේදි ලැබෙයි. ලබන වසරේ සිට අපේක්ෂිත ලෙස 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න හැකිවෙයි.
2028දී නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමට හෝ කඩාවැටීමක් සිදුවෙයි කියලා කියනවා. රජයට සේවා වියදම් ගෙවීමටත් නොහැකි වෙයි කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. අපිට ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට යන්න වුණේ අපි ඉතිහාසයේ කවදාවත් ඩොලරයක් වත් ණය නොගෙවා ඉඳලා නැති නිසා.2025 වසරේදි අපේ සංචිත භාවිත කරලා අපි ඩොලර් මිලියන 3,934 ගෙවා අවසන් කළා. මේ වගේ වැඩකට නැති කතා නිසා සිදුවන්නේ ආයෝජකයින්ගේ මනසේ රට ගැන අනවශ්‍ය සැකයක් ඇතිකරන එක. තවත් පිරිසක් කියනවා දිට්වා හානිය නිසා අපි ණය ගෙවන එක නවත්වන්න ඕන කියලා. මේ වගේ දේවල් ගැන තර්ක කරන්නේ ආර්ථිකය යළි කඩාවැටෙනවට කැමති අය වෙන්න ඕන. රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා. ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ගිණුම්වල මුදල් තිබියදී හරියට ස්වෙච්ඡාවෙන්ම ණය පැහැරහරින්නෙක් වගේ අපි ගිහින් කියනවා නම් අපි නම් ණය වාරික ගෙවන්නේ නැහැ කියලා, එවන් රටවල කවුරුත් නැවතත් ණය ලබාදෙන්නේ නැහැ. සමහරු කියන්නේ නිසි දැනුමක් නැතිව, සමහරු මේවා කියන්නේ ආර්ථිකය කඩා වැටෙයි කියලා බලාගෙන. මම හේතුව දන්නේ නැහැ.”

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!
ගබ්සා සිදු කළ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)
නොකළ වරදකට වන්දි ගෙවූ සද්ධන්තයා
චමින්ද කුලරත්නගෙන් රිට් පෙත්සමක්?
නිපා වෛරසයට මුහුණ දෙන්න ලංකාවත් සූදානම් වෙයි
මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගයි! ජයග්‍රහණය සඳහා අයර්ලන්තයට ලැබුණු ඉලක්කය මෙන්න!
පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම්! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රීවරුන් තිදෙනෙක්ට චෝදනා
19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලංකාවෙන්
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක්
සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට හිමි වෙයි