Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගබ්සා සිදු කළ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

2 hours ago

බේරුවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය රජයේ හිටපු වෛද්‍ය නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය අද (08) සමත් විය

මෙම වැටලීම සඳහා පොලිස් උපායදූතයන් යුවළක් ලෙස පෙනී සිටිමින් අදාළ වෛද්‍යවරයා සමඟ සූක්ෂ්ම ලෙස සම්බන්ධ වී ඇති අතර, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

උපායදූත පොලිස් කොස්තාපල්වරිය ගබ්සා කිරීම සඳහා සූදානම් කරන අවස්ථාවේදී වැටලීම සිදු කර ඇති අතර, එහිදී ගබ්සාවන් සඳහා යොදාගන්නා නීතිවිරෝධී ඖෂධ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

වෛද්‍යවරයා එක් ගබ්සාවක් සඳහා රුපියල් 45,000කට අධික මුදලක් අය කර ඇති බවත්, අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දී නිදහස් වීමට ද ඔහු උත්සාහ කර ඇති බවත් වාර්තා වේ.

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා මීට පෙර බේරුවල ප්‍රදේශයේම වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අයෙකි. වැටලීම සිදුවන අවස්ථාවේ වෛද්‍යවරයාගේ සහයිකාව සිහිසුන්ව ඇදවැටී ඇති අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත මෙම සාර්ථක වැටලීම සිදු කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *