පාර්ලිමේන්තුවේ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා, තමාට එරෙහිව ගෙන ඇති විනය පියවරයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරුව සඳහන් කරන්නේ, ලබන සතියේදී ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කිරීමට නියමිත බවයි.
කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පත්කළ ඒක පුද්ගල කමිටු වාර්තාවක් පදනම් කර ගනිමින් පසුගිය ජනවාරි 23 වැනිදා සිට චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණා.
ඒ චමින්ද කුලරත්න මහතා තනතුරට අවශ්‍ය රාජ්‍ය සේවා පළපුරුද්ද සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබාදීම, අවිධිමත් ලෙස ඉහළ වැටුප් ලබාගැනීමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු කිරීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති උල්ලංඝනය කිරීම, ආදි චෝදනා එල්ල වීම හේතුවෙනුයි.
තමාට එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන කුලරත්න මහතා පවසන්නේ, මෙය කථානායකවරයා සමඟ ඇති වූ පෞද්ගලික අමනාපයක් මත සිදුවූවක් බවයි.

ගබ්සා සිදු කළ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)
නොකළ වරදකට වන්දි ගෙවූ සද්ධන්තයා
නිපා වෛරසයට මුහුණ දෙන්න ලංකාවත් සූදානම් වෙයි
මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගයි! ජයග්‍රහණය සඳහා අයර්ලන්තයට ලැබුණු ඉලක්කය මෙන්න!
පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම්! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රීවරුන් තිදෙනෙක්ට චෝදනා
19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලංකාවෙන්
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක්
සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට හිමි වෙයි
ආණ්ඩුව වට්ටන්න බෑ – මෛත්‍රීපාල සිරිසේන
සිංහ පැටව් අද ලෝක කුසලාන දඩයම අරඹයි