Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා ඉහළ දැමීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

2 days ago

රාජ්‍ය සේවක වැටුප් වර්ධක ලබා දීම 2027 වසරේදී සම්පූර්ණ කෙරෙන තෙක් නව දීමනා ලබා දීම හෝ පවතින දීමනා ඉහළ දැමීමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙත නව නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ ආරම්භක අවස්ථාවට එක්වෙමින්.

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙත නව නිවාස ඉදිකර දීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහනේ ආරම්භය හා වන්දි ප්‍රදානය සහ ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර කුණ්ඩසාල මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදි අද සිදු කෙරුණා.

සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පවුල් සඳහා වන්දි ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා.

පූර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක් පත් ප්‍රදානය මෙහිදී සිදු වූ අතර විනාශ ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 වන්දි මුදලක් ලබා දීමද මීට සමගාමීව සිදු වුණා.

මේ අතර, මහනුවර – යාපනය මාර්ගයේ මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනානපති ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

අනතුරුව ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *