වඳුරු උණ රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිර යෑම වළක්වා ගැනීම සඳහා ගුවන්තොටුපොළ ඇතුළු ස්ථානවල නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ, ආසාදිතයෙකුගේ තුවාලවල ශ්‍රාවයන් ඝෘජුවම ස්පර්ශ වීමෙන් තවත් අයෙකුට එය ආසාදනය විය හැකි බව යි.
ඔහු මේ බව පැවසුවේ, වඳුරු උණ රෝගියෙක් මෙරටින් හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස්
දක්වමින්.
මේ මස 01 වන දා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක තරුණයෙකු වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය ඊයේ (03) ප්‍රකාශ කළා.
වසා ගැටිති ඉදිමීම සහ වෙහෙසකාරී බව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබුණා.
එහි දී සිදු කෙරුණු පරීක්ෂණ අනුව ඔහුගෙන් වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා
ගැනීමට හැකි වූ බව යි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ.
එම ආසාදිතයා මේ වන විට අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර, වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරසවේදී අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක පවසන්නේ, වඳුරු උණ දරුණු මාරාන්තික රෝගයක් නො වන නමුත් ආසාදිත පුද්ගලයෙකුගේ තරල මගින් හා ශ්වසන මාර්ගයේ බිඳිති මගින් එය තවත් පුද්ගලයෙකුට පහසුවෙන් පැතිරයා හැකි බව යි.
මෙම රෝගයෙන් ආරක්ෂා වීම සදහා තවදුරටත් මුඛ ආවරණ පැළදීම සහ දෑත් පිරිසිඳු කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව ද ඇය පවසනවා.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි