ඉරානය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ හමුදා මෙහෙයුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකාව තහවුරු කර තිබේ.
ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු අමෙරිකානු පාර්ශවයෙන් වාර්තා වූ පළමු මරණ කිහිපය මෙය බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම මෙහෙයුමේදී තවත් සෙබළුන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට හමුදා වාර්තා පෙන්වා පවසා ඇත.
මියගිය සෙබළුන්ගේ අනන්‍යතාවය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැතිඅතර අමෙරිකානු හමුදා සම්ප්‍රදායට අනුව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කර පැය 24ක් ගතවන තුරු නම් හෙළිදරව් නොකරන බව සඳහන් වේ.
ඉරානයට එරෙහි මෙම මෙහෙයුම ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණේ, “අමෙරිකානු වීරයන්ගේ ජීවිත අහිමි විය හැකි බවත්, යුද්ධයකදී එවැනි ජීවිත හානි සාමාන්‍ය දෙයක්” බවත්ය.
මෙම මරණ වාර්තා වීමත් සමඟ අමෙරිකාව ඉරානයට එරෙහිව සිය ප්‍රහාර තවදුරටත් දැඩි කරනු ඇතැයි වාර්තා වේ.

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්