පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශන දේශපාලන ප්රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්යාය පත්ර මත පදනම්ව සිදු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන රජය බලයට පැමිණියේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් වුවද, වර්තමාන විමර්ශනවල ප්රගතිය සහ විශ්වාසනීයත්වය පිළිබඳ බරපතළ ප්රශ්න මතුවන බවයි.
ප්රහාරය පිටුපස සිටින සැබෑ කුමන්ත්රණකරුවන් හඳුනාගෙන දඬුවම් දිය යුතු බව තමන් ද විශ්වාස කරන අතර, විනිවිදභාවයෙන් යුතු පක්ෂපාතී නොවන ඕනෑම විමර්ශනයකට සිය සහාය පළ කරන බව මන්ත්රීවරයා මෙහිදී අවධාරණය කළේය.
මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඔහු දශක තුනක යුද්ධය පරාජය කිරීමට වැදගත් මෙහෙවරක් කළ ගෞරවනීය නිලධාරියෙකු බවයි. ඔහුට එරෙහිව පසුගිය කාලයේ ව්යාජ මතයන් සහ දේශපාලන බලපෑම් මත පදනම් වූ චෝදනා නිර්මාණය වූ බවත්, මන්ත්රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
තවද, පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි බවට නිල කොමිෂන් වාර්තා මඟින් නම් කළ ඇතැම් පුද්ගලයන්ට වර්තමාන රජය යටතේ උසස් තනතුරු ලබා දී ඇති බවට ද මන්ත්රීවරයා චෝදනා කළේය. එවැනි පසුබිමක සුරේෂ් සලේ මහතා පමණක් ඉලක්ක කර ගනිමින් විමර්ශන මෙහෙයවීම ගැටලුසහගත බව ඔහුගේ අදහස වී තිබේ.

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි