2026 වසරේ පැවැත්වීමට නියමිතව ඇති ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ යන කිසිදු විභාගයක් කල් දැමීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කිසිදු තීරණයක් ගෙන නැති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ දැඩිව අවධාරණය කරයි.
පවත්නා තත්ත්වය මත විභාග කල් යා හැකි බවට සිසුන් අතර අදහසක් පවතින බවත්, එහෙත් විභාග දෙපාර්තමේන්තුව එවැනි කිසිදු තීරණයක් ගෙන නැති හෙයින්, කලින් දැනුම් දී ඇති දිනවලම ඒ විභාගවලට මුහුණ දීමට සිසුන් සූදානම් විය යුතු බවත් ඇය කියා සිටී.
එසේම 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැදවීම අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරන බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, සියලු අයදුම්කරුවන් www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic යන නිල වෙබ් අඩවි වෙත පිවිස, සපයා ඇති උපදෙස් අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන්, තම පාසලේ විදුහල්පති මඟින් අයදුම්පත් යොමු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් තනිවම අයදුම්පත් යොමු කළ යුතුය.

හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්
GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි
මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි
ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්
ගම්මන්පිලගේ උත්සවයට ගිය සජිත් ගැන මුජිබර් කට අරියි
කොළඹ ජල කප්පාදුව හෙට සිට අඩු කෙරේ
බඩ් වාහන 20ක් සමඟ තුනක් අල්ලයි
පොහොර නැවක් හෙට දිවයිනට
මාළු මිල පහළට