රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් අගෝස්තු 5වැනිදා දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර, ඉන් එකක් පුපුරා ගොස් අනෙක ගෙවත්තේ වැටී තිබියදී පොලීසිය සොයාගෙන තිබුනා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ ගල්කිස්ස පොලිස් ස්ථානය, මොරටුව හා රත්මලාන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
ඔවුන් අවුරුදු 21, 26, 28 හා 30 වයස්වල පසුවන මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවත්, සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබෙනවා.
මෙම අත්බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූ අතර, නිවසේ ජනෙල් පියන් 2ක වීදුරු පුපුරා ගොස් තිබුණා.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

සාගර කාරියවසම්ට ඇප හිමිවෙයි! අධිකරණයෙන් පැන වූ කොන්දේසි මෙන්න!
ශිෂ්‍යත්ව විභාගයේදී අසාධාරණයක් වූ බවට තවත් පැමිණිල්ලක්
මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්
මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපොළවලට සිදු වූ හානිය පිළිබඳව තොරතුරු එළියට
ඉෂාරා සෙව්වන්දි යළි රිමාන්ඩ්
මාළිගාවත්තේ වෙඩිතැබීමක්! කංජිපානිගේ ළඟම ඥාතියෙකුට දිවි අහිමිවෙයි!
සාගරව කඩුවෙල අධිකරණයට රැගෙන යයි
ගායක ගායිකා සංගමයට විපක්ෂ සජිත්ගෙන් රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක්
මැලේසියාවේදී ඇල්ලූ පතාලයේ ප්‍රබලයින් තිදෙනෙකු අද පස්වරුවේ දිවයිනට
කෑගල්ලේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන ගුරු සංගමයෙන් කළ ඉල්ලීම