Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලක්මවට ඉතිහාසගත ජයක්! රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි!

26 minutes ago

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් (Diamond League) අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබේ.

ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්විය.

අද (06) අලුයම අවසන් වූ මෙම තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් රුමේෂ් මෙම රන් පදක්කම දිනාගත් අතර, මීටර් 87.47ක දුරක් වාර්තා කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් හට දෙවන ස්ථානය හිමිවිය.

මීටර් 83.99ක දුරක් විසිකළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් තෙවන ස්ථානය දිනාගත්තේය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *