Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා

16 minutes ago

සේරුවිල පූජනීය භූමියේ රථගාලක නවතා තිබූ බස් රථයක් තුළදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් පස්දෙනෙක් සේරුවිල පොලීසිය මගින් ඊයේ(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූලික විමර්ශනවලදී හෙළිදරව් වී ඇත්තේ දුරකථනය ඔස්සේ ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත සිසුවිය රවටා පෙරහැර නැරඹීමට පැමිණෙන ලෙස දන්වා සේරුවිලට ගෙන්වාගෙන මෙම අපරාධය සිදු කර ඇති බවයි.

පෙරහැර මංගල්‍යයේ යොදවා සිටි මුතූර් පොලීසියේ රාජකාරියේ නියුතු  පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වී සිසුවිය බේරා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ වන විටත් ඇය තරුණයින් තිදෙනෙකු අතින් අතවරයට ලක්ව ඇති බවයි.

පසුව ඇයව බේරාගැනීමට කටයුතු කළ මුතූර් පොලීසියේ රාජකාරියේ නියුතු සැරයන් (53388) පේ .එම් චන්දුරන්න  සහ කොස්තාපල් (104911)  ජෙයිලන් මධුෂාන් නැමැති නිළධාරීන්ගේ සහය ඇතිව එම කටයුත්තට ආධාර හා අනුබල දුන් බවට සැකකරන  පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක්  කටයුතු කළා.

සිසුවිය මේ වන විටත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර  අත්අඩංගුවට ගත් සැකකරුවන් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *