Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල කාලගුණයේ සැලකිය යුතු වෙනසක්

50 minutes ago

දැනට වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ අතර මාස හතරකට ආසන්න කාලයක් පැවැති දැඩි නියඟය නිමා කරමින් මොණරාගල නගරයට සහ ඒ ආසන්න ප්‍රදේශ රැසකට ඊයේ (10) පස්වරුවේ සාමාන්‍ය වර්ෂාපතනයක් පතිත විය.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ඊයේ දිනය වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් 135,037 දෙනෙකු පානීය ජලය සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවලට වැසි පතිත වීම හේතුවෙන් එම සංඛ්‍යාව සුළු වශයෙන් පහළ ගොස් ඇත.

එමෙන්ම උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *