දැනට වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ අතර මාස හතරකට ආසන්න කාලයක් පැවැති දැඩි නියඟය නිමා කරමින් මොණරාගල නගරයට සහ ඒ ආසන්න ප්‍රදේශ රැසකට ඊයේ (10) පස්වරුවේ සාමාන්‍ය වර්ෂාපතනයක් පතිත විය.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ඊයේ දිනය වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් 135,037 දෙනෙකු පානීය ජලය සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවලට වැසි පතිත වීම හේතුවෙන් එම සංඛ්‍යාව සුළු වශයෙන් පහළ ගොස් ඇත.
එමෙන්ම උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව රැස්වෙයි
විභාග දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්! දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි!
හිටපු ජනපති ගෝඨාභය FCIDයට
බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට